Hayleys Fentons නව “හරිත ප්‍රදර්ශනාගාරය” කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට

රටේ පවතින විදුලි අර්බුදයට පරිසර හිතකාමී විසඳුම් ලබාදීම සඳහා Hayleys Fentons විසින් නව “හරිත ප්‍රදර්ශනාගාරයක්” පසුගිය බ්‍රහස්පතින්දා (4/27) දින උදෑසන 06.27 ට යෙදුන සුභ නැකතින් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ විවෘත විය. ලොව හොඳම යුරෝපීය නිෂ්පාදකයින්ගේ, උසස් තත්ත්වයේ ඉලෙක්ට්‍රොනික උපාංග පෙළකින් මෙම ප්‍රදර්ශනාගාරය සමන්විත වේ. එමෙන්ම, මෙය හුදෙක් ප්‍රදර්ශනාගාරයක් නොව අත්දැකීම් මධ්‍යස්ථානයක් වන අතර, පාරිභෝගිකයින්ට පිරිනමන පරිසර හිතකාමී විසඳුම්වල ප්‍රතිලාභ පිළිබඳ පළමු අත්දැකීම හා නව නිෂ්පාදන අත්විදීමට අවස්තාව සැලසේ . සූර්ය බලශක්ති පද්ධති, ඉන්වර්ටර් පද්ධති, ගිනි නිවන සහ ගිනි නිවීමේ උපකරණ පද්ධති, දුරකථන ජාල පද්ධති, ආරක්ෂක කැමරා,  ආරක්ෂිත ප්‍රවේශ පද්ධති සහ බලශක්ති ගබඩා උපකරණ පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය විදුලි උපකරණ පද්ධති රැසකින් මෙම ප්‍රදර්ශනාගාරය සමන්විත විය.

වසර 100කට අධික ඉතිහාසයක් සහ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති Hayleys Fentons සමාගම විසින් මෙම ප්‍රදර්ශනාගාරය ඉදිකර ඇත. මෙම පරිසර හිතකාමී ප්‍රදර්ශනාගාරය ශ්‍රී ලංකාවේ තවත් ආයෝජන ප්‍රවර්ධන කලාප සහ ප්‍රධාන නගර ආවරණය වන පරිදි, විවෘත කිරීමට සැලසුම් කර ඇති විශාල වැඩපිළිවෙළක ආරම්භය පමණි.

එලෙසම, මෙම හරිත ප්‍රදර්ශනාගාර ව්‍යාප්ත කිරීම තුළින් මෙරට ගෘහාශ්‍රිත  ජීවන වියදම අවම කරන පරිසර හිතකාමී විසඳුම් ලබාදීමට Hayleys Fentons හි කැපවීම කැපී පෙනේ. ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රොෂේන් පෙරේරා, අධ්‍යක්ෂ – ව්‍යාපාර සංවර්ධන රොෂානි ධර්මරත්න,  සාමාන්‍යාධිකාරී යූසුෆ් ඉතිෂාම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේෂ් අබේවික්‍රම, අලෙවි කළමණාකාරිනී නදුනි දහනායක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

Hayleys Fentons හට මෙම ක්ෂේත්‍රයේ ප්‍රෞඩ ඉතිහාසයක් සහ පළපුරුද්දක් ඇති බැවින්, පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවාවන් ලබාදීමේ ශක්‍යතාව නිසා ඔවුන් වෙලදපොලේ ඉදිරියෙන් සිටි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයට පරිසර හිතකාමී විසඳුම් ලබාදීම ෆෙන්ටන්ස් සමාගමේ ප්‍රමුඛත්වය වේ.

සමස්තයක් වශයෙන්, “හරිත ප්‍රදර්ශනාගාරය” විදුලි අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply